මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂකයකු වූ මේජර් නෙවිල්ගේ මැදමුලන ඉඩමේ ස්ථාන කිහිපයක් බැකෝවකින් හාරා කිසියම් දෙයක් සොයන බව දැනගන්නට ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයෝ 20 දෙනෙක් පමණ කැඳවනු ලැබ සිටිති.
කිසිවකුටත් එම භූමියට ඇතුළු වීමට ඉඩ නොදී හෑරීම කරගෙන යයි.
මුදල්, සංවර්ණාබරණ සහ ආයුධ ඇත්දැයි සොයන බව රහස් පොලිස් ආරංචි කියයි.
ඔහු විසින් කරන ලදැයි කියන වංචා හා දූෂණ ගැන පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූළ්‍ය අපරාධ කොට්ඨාසයට හා රහස් පොලිසියට පසුගියදා නියෝග කළේය.
ඔහුගේ ද, බ්‍රිගේඩියර් දමිත රණසිංහ සහ කැප්ටන් විමලසේනගේ බැංකු ගිනුම්වල විස්තර ලබා ගැනීමට ද රහස් පොලිසිය අධිකරණයේ පිහිට පැතීය.
මෙම තිදෙනාගේ බැංකු 32ක ගිනුම් ද, තවත් මූල්‍ය ආයතන 47ක තැන්පතු ද සොයා බලන ලෙස ද මහේස්ත්‍රාත් අවසර දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි රජයේ හිස් ඉඩම් කිහිපයක් හා නිවාස කිහිපයක් ඔහුගේ නමට හරවාගෙන ඇති බවට එෆ්සීඅයිඩිය අධිකරණයට දන්වා සිටියේය.
මග නැගුමට අයත් ටිපර් කිහිපයක් ඔහුගේ පෞද්ගලික පාවිච්චියට යොදාගෙන ඇති බවත්, ඉන්ධනහල් හා බස් ඔහු සතුව ඇති බවත් පොලිසිය කියයි.
නෙවිල් වන්නිආරච්චි නමින් ට්‍රැක්ටර පහක්, ලොරි දෙකක්, බස් හතක් හා මොටර්සයිකලයක් ලියාපදිංචි කර ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.

