මහින්දගේ ආරක්ෂක ලොක්කාට ඇප


2010 – 2014 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරිම සම්බන්ධයෙන්  හිටපු  ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානී හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වු නෙවිල් වන්නිආරච්චිට  නඩු පහකට අදාළව ඇප දීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (28) නියෝග කළේය.

එක් නඩුවකට   රුපියල්  දසදහස බැගින්  මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින්  ශරීර ඇප දෙකක් ද නියම විය.

නඩුව ජනවාරි 13 වැනි දා යළි විභාග වීමට නියමිතය.