(නාලක සංජීව දහනායක)
මේ වනවිට රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පැමිණෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් තමන්ට ආරාධනයක් ලැබුණද එම සාකච්ඡාවට සහභාගීවීමට තමන්ට හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (2) පැවසීය.
මෙම සාකච්ඡාව අද පස්වරු 7.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවත් එයට සහභාගීවන ලෙසත් ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් එරික් ප‍්‍රසන්න වීරවර්ධන මහතා විසින් ලිපියක් මඟින් පෙරවරුවේදී මන්ත‍්‍රීවරයාට දැනුම්දී තිබේ.
එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු නායකයන්ගේ අනුමැතියකින් තොරව තමන්ට ජනාධිපතිවරයා සමඟ නිල සාකච්ඡාවකට සහභාගිවිය නොහැකි බැවින් තමන් එම සාකච්ඡාවට සහභාගි නොවන බවද කීය.
පවතින ආර්ථික අර්බුධය හා එය විසඳීමට ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව තමන් මාධ්‍ය හමු ගණනාවකදීම අදහස් දක්වා තිබෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
මහින්දගේ අවසරයක් නැතිව ජනපති හමුවෙන්න බන්දුල බෑ කියයි
Recommended Articles