මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිකුරාදා සවස ගාල්ල කච්චිවත්තේ පුරාණ විහාරයේ පැවති උත්සවයකට ගිය නමුත් ඔහුගේ රාජකීය දෛවඥයා වු සුමනදාස අබේගුණවර්ධන හමු නොවීය.
සුමනදාස අබේගුණවර්ධනගේ ජාත්‍යන්තර ජෝතිර්වේදී මධ්‍යස්ථානය පිහිටියේ එම පන්සලට යන පාරේය.
පස් මහල් ගොඩනැගිල්ලක් වු එම මන්දිරයේ ඔහුගේ නිවසද පිහිටියේය.
ගාල්ලේ මාධ්‍යවේදීන් පවසනුයේ සිකුරාදා සවස ඔහු නිවසේ සිටි බවයි.
මහින්ද රාජපක්ෂ පන්සලට ගොස් පැය භාගයක් එහි ගත කළේය.
රැස්වීම අවසානයේ ඔහුගේ රථය කොග්ගල දෙසට ගමන් කළේය.

