ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට 25 වැනිදා දිනයක් ලබාදුන්නද තමන් කාර්ය බහුල නිසා ඊට සහභාගී විය නොහැකි යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද (24) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.
ඒ සඳහා වෙනත් දිනයක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට තමාත් ටී.බී.ඒකනායක මන්ත්‍රීවරයාත් කටයුතු කරන බව ඔහු කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා පන්සලක උත්සවයකදී පවසා ඇත්තේ සිරිසේන මහතා තම පක්ෂයේ සභාපති බවත් තමා අනුශාසක බවත් දෙදෙනාට කථා කිරීම සඳහා අමුතු දෙයක් නැති බවත්ය.

