මහින්ද සරණ ගිය මාධ්‍යවේදීන් ගැන රනිල් කියයි


ජනමාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (28) පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව කථා කළේය.

රාජපක්ෂ රෙජිමය යටතේ අධිකරණය, පොලිසිය හා මාධ්‍ය යන ආයතන තුනම නැති කළ බවත් ඒවා හදාගෙන අප යා යුතු බවත් අගමැතිවරයා කීවේය.

‘ඒ කාලේ දඩයමේ ගිය අය දැන් කෑ ගහනවා. කර්තෘ සංසදය මොකක්ද කළේ? ඔය එක කර්තෘවරයෙක් ඉන්නවා මාධ්‍ය වේදියෙක්ට විරුද්ධව කේළම් කියලා සුදු වෑන් එකකින් උස්සන් යන්න ආවා. ඇඹිලිපිටිය අධිකරණයට අප්පුඩි ගහලා හෝමාගම අධිකරණය යටත් කරන මාධ්‍යයක් අපට අවශ්‍ය නෑ. හෝමාගම ගැන එක කතු වැකියක් ලියලා තියෙනවාද? මම අහනවා විද්‍යුත් මාධ්‍යයෙන්. අපි බුදු දහම අදහනවා. අපි හැමදාම කිව්වේ බුද්ධං සරණ ගච්ඡාමි ! ධම්මං සරණං ගච්ඡාමි ! සංඝං සරණං ගච්ඡාමි කියලා. මහින්ද සරණං ගච්ඡාමි කිව්ව අයට අයිතියක් නෑ දැන් බුද්ධාගම ගැන කථා කරන්න. දැන් අලුත් සෙල්ලමක් පටන් අරන් තියෙන්නේ. මම දෙරණෙන් අහනවා. ලංකාදීපෙන් අහනවා. අද පත්තරෙන් අහනවා. ඩේලි මිරර් එකෙන් අහනවා. ඔයා රිවිර පත්තරේ දාන්න මම ඇවිල්ලා මේක දෙරණෙ හරි කියවන්නම් කියලා කියනවා. චතුරත් ඔය දඩයමේ ගිය කෙනෙක්නේ. මාධව මඩවලයි, චතුරයි ඔක්කොම එකට එකතුවෙලා කෑවා එතැන රාජපක්ෂලා එක්ක. විද්‍යුත් මාධ්‍ය තුළින් ජාතිවාදය අවුස්සන්න එපා. ඔය සෙල්ලම නවත්වන්න. ඔය චතුර රීරි යකා වගේ කියවන්නේ නැතිව මම කියන එක දාන්න පුළුවන්නම්‘ යැයි අගමැතිවරයා කිවේය.