මහින්ද සමරසිංහ නොබැඳි සමුළුවට


වෙනිසියුලාවේ කැරකස් අගනුවරදී සෙනසුරාදා (17) ඇරඹෙන නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සමුළුව අද සෙනසුරාදා සහ ඉරිදා  දෙදින වෙනිසියුලාවේ කැරකස් නුවර  දී පැවත්වෙන අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජය නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ සඳහා සහභාගී වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවට සහභාගීවීමට නියමිතව සිටියද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසියට සහභාගීවන හෙයින් ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී නොවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.