මහින්ද සන්ධාන අගමැති අපේක්ෂක?


එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් පාලන ආයතන නියෝජිතයෝ අද (18) පස්වරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා තුනක් සම්මත කළහ.

කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවැත්වීම, ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් එම ධූරවලින් ඉල්ලා අස්වීම, හා අගමැතිට විශ්වාසභංගයක් සම්මත කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පත් කිරීම එම යෝජනා තුනයි.

ඉදිරි මැතිවරණයේදී සන්ධාන අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතා නම්කරන ලෙසත් යෝජනා කෙරේ.

web web3