මහින්ද විශ්‍රාමික හමුදා පිලට බැට් කරයි


හමුදාපතිවරයාට නොදන්වා ජනපතිවරයා හමුවීමට ගිය හමුදා නිලධරයින් 9 දෙනාගේ වාර්තා වලට තවත් ලුණු ඇඹුල් එක් කරන ලෙස විශ්‍රාමික හමුදා නිලධාරියෙක් හමුදා පාලනාධිකාරියෙන් අමුතු විදිහේ ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇත.

මෙම නිලධාරියා රජයේ වැදගත් ආයතනයක සේවය කරන අතර එම ආයතනය හා ආරක්ෂක සේවා අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ ඔහුය.හමුදාවේ ඉහළ තැන්  සමග ඔහුට සබඳතාද ඇති බව පැවසේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි විශ්‍රාමික හමුදා නිලධාරීන් වෙනුවෙන් රජයෙන් වෙනස් ඉල්ලීමක් සිදුකළේය.ඒ පසුගියදා පාර්ලිමෙන්තුවේදීය.

 

‘යුද්දයේ අවසාන කාලයේදී වැදගත් කාරයභාරයක් ඉටුකරපු හමුදා නිලධාරීන්ට ඔවුන්ට ලබාගත හැකි සේවා දිගු ලබාගැනීමට අවස්ථාව නොදී ඔවුන්ව විශ්‍රාම යැවීමට සැළැස්මක් තිබෙන බව මට දැනගන්නට ලැබුණා.මෙහෙම විශ්‍රාම යැව්වට පස්සේ මේ නිලධාරීන්ට හමුදාවෙන් කිසිම සහයක්වත්,ආරක්ෂාවක්වත් ලැබෙන්නේ නැහැ.‘

‘යුද අපරාධ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන්නට යන වාතාවරණයක මෙහෙම බලහත්කාරයෙන් හමුදා නිලධාරීන් විශ්‍රාම යවන්නේ මොකටද කියලා පැහැදිලියි.අවදානම පහව යනකම් මේ නිලධාරීන්ට සේවා දිගු ලබාදිය යුතුයි කියන එකයි මගේ අදහස.‘