මහින්ද විදුහලට මුල් ඉනිමේ ජයක්


වයස 19 පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව මුල් ඉනිමේ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය කී‍්‍රඩකයෝ සමත්වූහ.

ෆ‍්‍රෑන්ක් ලී වුඞ්වර්ඞ් කුසලාන සඳහා මෙම තරගය පැවැත්වෙයි. ෆ‍්‍රෑන්ක් ලී වුඞ්වර්ඞ් මහතා මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම - 124
(එරංග සංගීත් 30, නිර්වන්ත තික්ෂිල 24, අරවින්ද විතානාරච්චි 13/3, ලක්ෂාන් ද සිල්වා 32/2)

ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම - 87
(චන්දිමාල් ද සිල්වා 26, චලන ද සිල්වා 15/3, පසිඳු දිල්ශාන් කඩුඑ 3)

මහින්ද විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලූ 05 ට 166
(චලන ද සිල්වා 49, නිර්වන්ත තික්ෂිල 47, සමිත් කල්හාර 41, අරවින්ද විතානාරච්චි 44/2)