මහින්ද රට හොඳටම ණය කරලා - අගමැති


ආර්ථික සටන් බිමේ මුලින්ම සිටින ශ්‍රී ලංකා  රේගුවට  යහපාලන රජයේ දැවැන්ත ආර්ථික සංවර්ධනයේ දී  සුවිශේෂි කාර්යභාරයක් පැවරී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී  අද (7) පැවසීය.

ජාතික ණය ඊළඟ පරපුරට  බාර  නොදී  මේ පරම්පරාවම ඒ ණය ගෙවා දැමීම සඳහා  රජය කැපවී ක්‍රියාකරන බව පැවසු වික්‍රමසිංහ මහතා  රාජපක්ෂ රජයේ  අවිධිමත් බදු ප්‍රතිපත්තිය රට ණය ආගාධයකට  ඇඳ දැමී යැයි කීවේය.

කොළඹ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී අගමැති එසේ කීවේය.

DSC_7169 DSC_7172 DSC_7188 DSC_7255