‘‘මහින්ද රාජපක්ෂ රජයේ යුව රජ කෙනෙක් සිටිනවා. ඔහු බලන්නේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් නොවේ. බහුජාතික සමාගම් පැත්තෙන්‘‘
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ ගොවි සමළුවක් අමතමින් අද (13) ප්‍රකාශ කළේය.
‘‘පොළොන්නරු ගොවියන්ගේ නිරන්තර ඉල්ලීම ජලයයි. වාගවට ජලයයි. එය ඔවුන්ගේ කඳුලු කතාවයි. මොරගහකන්ද හා කලුගඟ යොජනා ක්‍රම ආරම්භ කළත් ඒ සඳහා රජය මුලින් මුදල් වෙන් කළේ නැහැ. ඒ සඳහා ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 9000 යි. ඒ සල්ලි 2010 වසරේදී මා මහවැලි අමාත්‍යංශයෙන් ඉවත් වන තුරු මට ලැබුනේ නැහැ.
එම සල්ලි ලැබුනේ මා මහවැලි අමාත්‍යංශයෙන් වෙනත් අමාත්‍යංශයකට මාරු කළ පසුවයි.

