හැටන් මල්ලිඅප්පු හන්දියේ සහ කොටගල රොෂිටා ගොවිපළ අසල ප්‍රදර්ශනය කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ දැවැන්ත කට්අවුටය මහජන එක්සත් පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හෙලප්‍රිය නන්දරාජ් මහතා යළි නිරාවරණය කළේය. මේ පුවරු මැතිවරණ නීතියට පටහැනි බව කියමින් පසුගිය ජනාධිපතිවරණ කාලයේ දී මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයෙන් වසා දමා තිබිණි.

