මහින්ද යළි සභාපතිකම ඉල්ලයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස යළි පත් කරන්නැයි බොරලැස්ගමුවේ කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත හා මත්තේගොඩ අසංක නන්දන ශ්‍රිනාත් ගොනු කළ පෙත්සමක් කොළඹ දිසා විනිසුරු යු.එන්.වී.  ගුණවර්ධන මහතා ඉදිරියේ ලබන 14 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.

ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වගඋත්තරකරුවෝය.

පක්ෂයට සභාපතිවරයකු පත් කරන්නැයි ඡන්ද කොමිසමට ලිපියක් යවමින් පක්ෂ ලේකම් වරදක් කර ඇති බවත් එය නිවැරදි කළ යුතු බවත් පෙත්සම්කරුවෝ ඉල්ලති.

ශ්‍රීලනිප සභාපතිවරයා වනුයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කරනු ලැබ සිටියි.