වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර පෙර නොවූ තුන්වැනි වාරයක් සඳහා ජනපතිවරණයට ඉදිරිපත් වී ඇති බවත් ඔහුට ජයග‍්‍රහණය ලැබීමට නම් දැඩි තරගයකට මුහුණ දීමට සිදු වී ඇති බවත් ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
මෙවර ජනපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන මහින්ද රාජපක්ෂ මහතා සහ මෛති‍්‍රපාල සිරිසේන මහතා කරට කර සටනක සිටින බව දේශීය මාධ්‍ය වාර්තා කර ඇතැයි ද ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.
මේ අතර ජනපතිවරණයේදී ඡන්ද දායකයන් බිය ගැන්වීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කර ඇතැයි ප‍්‍රංශ ඒ.එෆ්.පී පුවත් සේවය කියයි.
මාර්ග අවහිර කිරීම් 400ක් ද ඇතුළුව යුද්ධය පැවැති ප‍්‍රදේශවල සිටින සුළුතර දෙමළ ජනතාවට ඡන්දය දීමට නොහැකි වන ආකාරයෙන් කි‍්‍රයා සිදුකර ඇතැයි තමන්ට පැමිණිලි ලැබී ඇතැයි 55 දෙනකුගෙන් සමන්විත මෙම ජාත්‍යන්තර මැතිවරණ නීරික්ෂකයන්ගේ කමිටුව උපුටා දක්වමින් ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
හමුදාව විසින් මෙම මාර්ග අවහිර කරතියි කියනුයේ ඡන්දය දැමීම වැළැක්වීමට බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කර ඇති බවත්, හමුදාවට මෙම මැතිවරණයේදී කළ යුතු කාර්යභාරයක් පැවැරී නැති බවත් විපක්ෂය සඳහන් කර ඇති බවත් තමන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් මෙම ජාත්‍යන්තර මැතිවරණ අධීක්ෂණ කමිටුවේ ප‍්‍රධානී එස්. වයි. කුරයිෂි පවසයි.
ජාත්‍යන්තර නිරීක්ෂකයෝ මැතිවරණ දිස්ති‍්‍රක්ක 22 යෑමට බලාපොරොත්තු වන බවත් එහිදි ජනපතිවරණයට සහභාගී වන අපේක්ෂකයන්ගේ අවසන් මැතිවරණ රැලි නීරික්ෂණය බවත් එස්. වයි. කුරයිෂි පවසයි.
ඡන්ද දායකයෝ ලක්ෂ 150ක් (මිලියන 15) සුදුසුකම් ලබා ඇති මෙම මැතිවරණය ලබන (8) වැනිදා පැවැත්වෙන බවත් එදින ඡුන්ද විමසීම පැවැත්වෙන පැය නවයක කාල සීමාව තුළ ඡන්ද මධ්‍යස්ථාන නීරික්ෂණයට තම නියෝජිතයන් යෙදවීමට නියමිත බව ඔහු මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේය.
සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම අරමුණු කරගෙන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතාගේ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර නීරික්ෂකයන් මෙරටට පැමිණි දිනයේදීම පෙරේදා (3) විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මැතිවරණ රැලියකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වූ බවත් ඉන් එක් පුද්ගලයකු තුවාල ලැබූ බවත් ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඉකුත් දෙසැම්බර් මස ආරම්භයේදී ජනපතිවරණ ප‍්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ වූ අතර එතැන් සිට මේ දක්වා දේශීය මැතිවරණ නීරික්ෂකයන්ට මැතිවරණ නීති කඩකිරීම් 1000කට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද පොලිසියට එතරම් පැමිණිලි ප‍්‍රමාණයක් ලැබී නැති වුවද 130 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ප‍්‍රංශ පුවත් සේවා වාර්තා කියයි.
මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවීම් වැඩි වී ඇති බවත් සිදු වූ එම මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හොඳින් සංවිධානය වූ සහ විපක්ෂය ඉලක්ක කරගෙන සිදු වූ එවා යැයි මැතිවරණ නීරික්ෂණ කටයුතුවල නිරත වෙන පෞද්ගලික මැතිවරණ නීරික්ෂණ කණ්ඩායම් සඳහන් කරයි.

