මහින්ද මැතිසබේට එනවාට විරෝධයක්


ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සන්ධානයේ දේශපාලන පක්ෂයක් යෝජනාවක් ගෙන ඒමට යන බවත්, ඊට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමැතිවරුන් පිරිසක් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වීමට සූදානම් බවත් දේශපාලන ආරංචි කියයි.

එම ඇමැතිවරුන්ගෙන් කිහිප දෙනෙකු සෙනසුරාදා (11) නව රජයට මේ බව දන්වා ඇතැයි ද දැනගන්නට ඇත.

නව ජනපතිට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව ද දේශපාලන ආරංචි කියයි.