මහින්ද මයුරා මැඳුරට එයි?


හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවුලේ උදවියත් සමඟ නාවල රාජගිරිය  ‘පීකොක්‘  (මයුරා) මන්දිරයට  අවුරුද්දෙන් පසුව එතියි  එහි හිමිකරු ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතාට සමිප ආරංචි කියයි.

හිටපු ජනපති රට වෙනුවෙන් කළ උදාර මෙහෙවර අගයා කෘත ගුණ සැලකීමත් වශයෙන් මේ මන්දිරය ඔහුගේ පදිංචියට ලබා දුන් බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ එස් පී ලියනගේ ලියනගේ මහතා කියයි.

රාජපක්ෂ මහතා මන්දිරයට පැමිණිමට පෙර වාස්තු විද්‍යාඥයින්ගේ හා නක්ෂත්‍රකරුවන්ට මේ මන්දරය පෙන්වා  ඔවුන්ගේ උපදෙස් අනුව වැදගත් වෙනස්වීම්  කිහිපයක් ලහි ලහියේ සිදු වන බවත්  එම වෙනස්වීම් සියල්ලම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරය අනුව සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මන්දිරයේ උතුර දෙසට පිහිටා ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට වෙනස් කැරෙයි.දොරටුවට දැන් ලොකු ජනෙල් පියන් දෙකක් සවි කැරේ.

මන්දිරයට ඉදිරියෙන් තිබෙන නාන තටාකය රාජපක්ෂ මහතාට එතරම් සුබදායක නොවන බව ජ්‍යෙතිශාස්ත්‍රඥයින් හා වාස්තු විද්‍යාඥයින්  පෙන්වාදීම නිසා  එය මුහුදු  වැලි වලින් වසා දැමෙයි.

මුහුදු වැලි වලින් පුරවන ලද නාන තටාකයට අයත් භූමියේ වැලි දෙපසේ ස්පර්ශවීමෙන්  ගන්නා තීන්දු තීරණ වලින් ප්‍රතිපල ලැබෙතියි නැකැත්කරුවන් කියා ඇත.

ඒ හේතුවෙන් දැනට නාරහේන්පිට අභයාරාමයේ  පැවැත්වෙන ප්‍රධාන මෙහෙයුම්  කාර්යාලයය නාන තටාකයේ පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තතු දන්නෝ පවසති.

කෝන මාසයක නිවසට ගෙවදීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ තරම් සුබදායික නොවුනත්  රාජපක්ෂ මහත්මියගේ කේන්දරය අනුව සුබ ගෙන දෙන බව  ශාස්ත්‍රකරුවන් පෙන්වා දීමෙන් අනතුරුව තව දින කිහිපයකින්  අලුත් අවුරුද්දේ  වත් පිළිවෙත් තංගල්ලේ කාල්ටන් නිවසේ  සිදු කර ඉන් අනතුරුව පීකොක් මන්දිරයට පැමිනෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ප්‍රශ්නය - ‘පි කොක් ‘ මන්දිරයේ  යම් යම් වෙනස් කිරීම්   සිදු කරනවා  කියන්නේ ඇත්තද?

ඒ එස් පී ලියනගේ  -කාලෙන් කාලෙට එහෙම වෙන්න එපායෑ

ප්‍රශ්නය- හිටපු ජනාධිපති කේන්දරේ අනුව  මන්දිරයේ වෙනස් කිරීම් කරනවා.කියලයි දැනගන්න තියෙන්නේ.

පිලිතුර -කෙන්දරේ අනුව ද කියන්න මං දන්නේ නෑ.මම මීට පෙරත් මාධ්‍යට  පැවසුවා එතුමා රට වෙනුවෙන් කළ සේවය අගයමින් කෘත ගුණ දැක්වීමක්  වශයෙන් රට වැඩියා වෙනුවෙන් එය ලබා දෙනවා කියලා.එතුමාට එය තියෙනවා මම බලන් ඉන්නේ පදිංචියට එනකල්.

ප්‍රශ්නය-මන්දිරය ඉදිරිපිට  තියෙන නාන තටාකය මුහුදු වැලි වලින් ගොඩ කරනවා කියලා දැනගන්න ලැබුණා.ඒ  ඇයි කියලා දැන ගන්න ලැබුණා.ඒ ඇයි කියලා   දන්නවාද?

පිලිතුර

ඒකනම් මටත් දැනගන්න ලැබුණා. ඒගැන වැඩි යමක් කියන්න දන්නේ නෑ.

ප්‍රශ්නය -හිටපු ජනාධිපතිතුමාට ඔබතුමාගේ ශ්‍රී ලංකා කම්කරුපක්සයේ  කැන්ගරු ලකුණත් දෙන්න ඔබ සූදානම් ,ඒ වගේම පී කොක් මන්දිරයත් ලබා දෙනවා.වෙස්සන්තර කෙනෙක් වෙන්න යනවාද?

පිලිතුර-

 දුන් තරමට තමයි ලැබෙන්නේ .බුදු බණෙත් සඳහන් වෙන්නේ ඒ ආකාරයෙන්.අද මහින්ද මහත්තයාට හෙට රනිල් මහත්තයට ,ඊළඟ දවසේ මෛත්‍රීපාල මහත්තයට .මම ඒ හැමෝටම ගෞරව කරනවා .උදව් කරනවා.මම නිහඩ දේශපාලනඥයෙක්ග

ප්‍රශ්නය

ඔබ කෙන්දර  විශ්වාස කරනවාද?

පිලිතුර

අවිශ්වාසයෙන් කිසිදු දෙයක් කරන්න බැහැ

 

DSC05644

DSC05649 DSC05655 DSC05658 DSC05671 DSC05676 DSC05680 DSC05683 DSC05687 DSC05691 DSC05694