කොළඹ පැවැති ශ්‍රීලනිප විධායක කාරක සභා රැස්වීමට සහභාගී නොවීම ගැන ප්‍රකාශයක් කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තංගල්ල කාල්ටන් නිවසේ දී අද (15) පැවසීය.
ඔහු එම රැස්වීමට සහභාගී නොවූයේ කලින් යොදා ගත් නොවැලැක්විය හැකි රාජකාරියක් නිසා යැයි පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියක් මගින් දන්වා තිබිණි.
එම රැස්වීමට නොගියේ ඇයිදැයි ලංකාදීපය ඔහුගෙන් ඇසීය.
හිටපු ජනපති බැලීමට දිනපතාම වාගේ හිතවත්තු තංගල්ලට එති.
ජනවාරි නව වැනි දා සිට අද (15) දහවල් වන විට ලක්ෂ 25කට වැඩි පිරිසක් එහි එන්නට ඇතැයි නම හෙළි නොකළ ප්‍රකාශකයෙක් කීවේය.
අද (15) සවස ද බස් අසූවකින් පිරිස් පැමිණීමට නියමිතව සිටි බව ද ඔහු කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ද අද (15) හිටපු ජනපති හමු විය.





