ගාල්ලේ මහින්ද විද්‍යාලයීය ආදි සිසුන් ලෙස රටට හා විදුහලට කළ මෙහෙවර උදෙසා මහින්ද ආදි සිසුන් හත් දෙනෙක් උපහාර ලදහ.
මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කළේය.
(වමේ සිට) කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් කාරියවසම්, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නලීන් වික්‍රමසූරිය, සිංගර් ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, යුද හමුදාවේ මේජර් ජනරාල් ලසන්ත වික්‍රමසූරිය, කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හා ඉරිදා ලක්බිම හිටපු කර්තෘ සුන්දර නිහතමානී ද මැල් මහත්වරු මේ උපහාරයට ලක්වූහ.
ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ද උපහාර හිමිවූ අතර විදේශ ගත වීම නිසා මෙම අවස්ථාවට එක් විය නොහැකි විය.