මහින්ද පරදින බව මුල්ම අනාවැකිය රතන හිමියන්ගෙන්


‘මෑතක දී ජ්‍යෙතිෂ්‍ය ගැන විශිෂ්ටම කතාව කළේ රතන හාමුදුරුවොයි. තනි කේන්දරයකට මේ රටේ අනාගතය තීරණය කරන්න දෙන්න බැහැ, සිකුරු ලබන්න ඕනෑ තනි මිනිහකුට හෝ පවුලකට නොවේ සමස්ත රටටයි යනුවෙන් රතන හාමුදුරුවන් කිව්වා.  

මම මරණවට බය නෑ. ජනාධිපතිවරණයෙන් මහින්ද පරදින බව කිව්වා. ඉන් පසු මහින්ද මහත්තයට අපලයක් තිබුණා , දැන් ඒක ඉවරයි කියා රූපවාහිනී නාළිකාවකට ඇවිත් කියන්න, අපි ලොකු ගාණක් දෙන්නම් කියා ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මාධ්‍ය අංශයේ කෙනෙක් දැනුම් දුන්නා. මරණ බය නැති නිසා මා එය කළේ නෑ. මහින්දට ආයේ බලයට එන්න වෙන්නේ නෑ. රාජපක්ෂ පවුලේ බල්ලක්වත් ආයේ අරලිය ගහ මන්දිරයට එන්නේ නෑ.‘ යැයි ජ්‍යොතිශ්‍රාස්ත්‍රයකු වන ඉන්දික තොටවත්ත මහතා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති වැඩසටහනක දී කීවේය.

ජ්‍යෙතිෂ්‍ය අවභාවිතයෙක් වැළකෙමු මැයෙන් එය සංවිධානය කර තිබිණි.

පාලකයන් සතුටු කරන්නට බොරු අනාවැකි කියමින් ජෝතිෂ්‍ය අව භාවිත කිරීමෙන් වලකින්නැයි ඉල්ලමින් ජ්‍යෙතිෂශ්‍රාස්ත්‍රයකු වන කේ ඒ යූ සරත්චන්ද්‍ර , ඉන්දික තොටවත්ත, ආනන්ද සෙනවිරත්න ඇතුළු පිරිසක් එහිදී කීහ.

ජනාධිපතිවරණයට පෙර අයිටීඑන් රූපවාහිනියේ වැඩසටහනකට ආ රාජකීය ජ්‍යොතිශ්‍රාස්ත්‍රයකු වූ සුමනදාස අබේගුණවර්ධන, පියසේන රතුවිතාන සහ මාපලගම විමලරතන ඇතුළු ජ්‍යෙෂ්ඨ ජ්‍යෙතිෂ්‍යවේදීන් කීවේ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගන්නා බවයි.

ඉන් පසු කොළඹ දී දෙදහසක් පමණ ගෙන්වා වැඩසටහනක් පැවැත්වූ අතර ඔවුන් කීවේ ද මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බවයි.

https://www.youtube.com/watch?v=lKdvOpS4LUk