අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ දේහය ගම්පහ පල්ලියපාරේ නිවසේ තැන්පත් කර තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එන්. කේ. ඉලංගකෝන් පොලිස්පති ඇතුළු විශාල පිරිසක් අද (20) අවසන් ගෞරව දැක්වීමට ආහ.
අවසන් ගෞරව දක්වා පිටව යන හිටපු ජනපතිගෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයක දී මළ ගෙදර හා මගුල් ගෙදර හඳුනා ගන්නැයි රාජපක්ෂ මහතා ඔහුට කීවේය. මළ ගෙදරදී දේශපාලන ප්‍රශ්න ඇසීම ගැන හිටපු ජනපති නොසතුට පළ කළේය.
මාධ්‍යවේදියා - ‘ඔබතුමාගෙන් ඉවත් වෙලා ගිය මේවගේ නායකයන්ට ඔබතුමා සමාව දෙනවද? ඔබතුමා ගාවට ආවොත් බාර ගන්නවද?‘
රාජපක්ෂ මහතා - ‘මං හිතන්නේ ඔයා කතා කරන එක වැරදිනේ. මරණෙකට ගරු කරන්න ආවම ඔයාලා දේශපාලන වශයෙන් වෙනත් ප්‍රශ්න අහන එක වැරදියි. ඔයාලා සම්පූර්ණම දේශපාලන කතාවක් ඔය කරන්නේ. ඒ හින්දා කරුණාකරලා මරණ ගෙදර කියන එක තෝරා ගන්න. මගුල් ගෙදර තෝරා ගන්න. දේශාලන වේදිකාව තෝරා ගන්න.‘

