හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නඩත්තු කිරීමට කොපමණ මුදලක් වැයවේදැයි දැන්වීමට කල් අවශ්‍ය බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඔහුගේ කාර්ය මණ්ඩල වියදම්, ප්‍රවාහන වියදම් හා අදාළ කරුණු කාරණා ගැන කොතෙකුත් වැයවේදැයි ගණන් බැලීමට අවශ්‍ය බව ඔහු කියා ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනපති එහිදී කියා ඇත්තේ හිටපු ජනපතිගේ ආරක්ෂාවට දැන් වෙන්කර ඇති පිරිස ඉදිරියේදී පහළ දැමිය යුතුද යන්න ගැන ආරක්ෂක මණ්ඩලයෙන් උපදෙස් ලබාගන්නා බවයි.

