මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපති


මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් අද ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේ පත් කැරුණු මේ කොමිසමේ සභාපති මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ය.

හිටපු නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ නලීන් ජයන්ත අබේසේකර හා යාපන සරසවියේ මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් සෙසු සාමාජිකයෝ ය.

මහින්ද දේශප්‍රිය මහතා පසුගිය මහා මැතිවරණයට පෙර විශ්‍රාම ගිය නමුත් ඔහුගේ සේවය ජනපති විසින් දික් කැරිණි.

mahinda-deshapriya-l

(මහින්ද දේශප්‍රිය මහතා)

ratnajeewan-hoole-new

(රත්නජීවන් හූල් මහතා)

nalin-jayantha-abeysekara

(ජනාධිපති නීතීඥ නලීන් ජයන්ත අබේසේකර)