මහින්ද දළදා සමිඳුන් වඳියි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) මහනුවරට ගොස් දළදා වැඳ පුදාගෙන මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.

තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිමියන් සමඟ හිටපු ජනපති පැයක් පමණ සාකච්ඡා කළේය.

උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන් හමුවීමට හිටපු ජනපති ගිය නමුත් අස්ගිරි පන්සලෙන් මාධ්‍යයට ඒ අවස්ථාව ලබා නුදුන්නේය.

යළි අප අතරට එන්නැයි මාලිගාව අසළ දී ඔහුගේ අනුගාමිකයෝ පිරිසක් කෑ ගසා කීහ.

DSCF9826 DSCF9829 DSCF9843