දකුණු කොරියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් කළ ආරාධනයකට අනුව එරට පැවැත්වෙන ආගමික වැඩසටහන් හා විශේෂ හමු කිහිපයකට සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියහ.
ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ලොහාන් රත්වත්ත, පියල් නිශාන්ත, මහින්දානන්ද අලූත්ගමගේ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරු හිටපු ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවට ගිය කණ්ඩායමේ වෙති.