ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන ‘මහින්ද චින්තන තුන්කල් දැක්ම‘ලබන 26 වැනිදාට කල් ගිය බව ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සඳුදා (22) පෙරවරුවරුවේ එළි දැක්වීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් මිට පෙර ප්‍රකාශයට පත්කැර තිබිණි.එසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතා පැවසුයේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙන්නේ 26 වැනිදා බවයි.
මෙසේ දින වෙනස් වුයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයට අනුව ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනය සංශෝධනය කරන නිසාදැයි මාධ්‍යවේදීයකු මෙහිදී ප්‍රශ්න කළ අතර අමාත්‍යවරයා එහිදීදී පැවසුයේ මහින්ද චින්තනය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් නොවන එකකට එකක් බැඳුණු ප්‍රතිපත්තියක් නිසා කිසිම හේතුවක් මත සංශෝධනය අවශ්‍ය නොවන බවයි.

