ජනපතිවරණ කාලේ බෙදීමට රුපියල් ලක්ෂ 52 ක සතොස බඩු ගෙන මුදල් නොගෙවීයැයි රිමාන්ඩ් කර සිටින හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (7) වැලිකඩ බන්ධනාගාරයට ගියේය.
යහපාලනයේ තවත් ප්‍රතිඵලයක් බැලීමට පැමිණි බවත් මෙය ණයක් අරගැනීම සම්බන්ධයෙන් වන සිවිල් නඩුවක් බවත් අපරාධයක් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ කීවේය.
වීඩියෝ -සනත් ඩෙස්මන්

