මහින්ද ජාතික ආණ්ඩුවට සුබ පතයි


නව ජාතික ආණ්ඩුවට සුබ පතන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ දහම් පාසලේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු අද (22) සවස ප්‍රකාශ කළේය.

‘මේ වෙලාවේ මම විවේකයෙන් ඉන්නවා. දේශපාලන තීන්දු තීරණ ගන්න යන්නේ නෑ. එදා යුද්ධ කාලේ ජාතික ආණ්ඩු ගැන කථා කරද්දී සමහරු විහිළුවට ලක් කළා. හිනාවුණා. අද පිහිටවූ ජාතික ආණ්ඩුවට මම ඒ විදියට සරදම් කරන්නේ නෑ. ජාතික ආණ්ඩුවට මම සුබ පතනවා‘

ජාතික ආණ්ඩුවේ පාර්ලිමේන්තු කටයුතු බාර ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාද මෙම රැස්වීමට පැමිණ සිටියේය.

SAM_5489 SAM_5493 SAM_5503 SAM_5544 SAM_5558