හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2016 ජනවාරි මැද චීනයේ නිල සංචාරයක නිරත වන බව තානාපති ආරංචි මාර්ග කියයි.
ඉකුත් ජනවාරි 08 වැනිදා පැවති ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ඔහු එතෙර යන මුල්ම අවස්ථාව මෙයයි.
ඔහුගේ පාලන කාලයේදී චීනය සහ ශ්‍රීලංකාව අතර දැඩි මිත්‍රත්වයක් පැවති අතර ඒ ඔස්සේ චීන ආයෝජන ව්‍යාපෘති රැසක්ද මෙරට ආරම්භ කෙරිණ.
චීන ජනපති ෂී ජින් පින්ග් 2014 සැප්තැම්බර් මස දිවයිනට පැමිණියේය.ප්‍රධාන පෙලේ චීන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරයේ ඉදිකිරීම්ද ආරම්භ කළේය.

