හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියේය.
ආරුමුගම් තොණ්ඩමන් හා ඩග්ලස් දේවානන්ද මහත්වරු අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව ඡන්දය දුන් අතර පක්ෂයේ තීරණයට පටහැනිව සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරු 12 දෙනෙක් ඡන්දය දීමට පැමිණ නොසිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.

