මහින්ද ගියත් ශ්‍රිලනිපයෙන් යන්නේ නෑ-නිමල් සිරිපාල


‘අගමැති තනතුර මට දෙන බවට හැමදාම ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වුණා.නමුත් මම තනතුරු පස්සේ යන්නේ නෑ .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වුණා.මටත් වරින් වර ආරාධනා ලැබුණා.ඒත් කිසිම දිනෙක පක්ෂය හැර යන්නේ නෑ‘.වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාලද සිල්වා බදුල්ලේදී ජනමාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

‘මමත් විපක්ෂයට යනවා කියා කටකතා පැතිර යනවා.ශ්‍රී ලංකා නිදහස්පක්ෂය තමා මගේ ජන්ම භූමිය.මේ පක්ෂය හැර යන කාටවත් රටට සේවය කරන්න බෑ.මහින්ද රාජපක්ෂ පක්ෂය අතහැර ගියත් මම කිසිම දිනක විපක්ෂයට යන්නේ නෑ.‘