මහින්ද ගැටුම ගොඩින් බේරේ


ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි කියයි.

හික්කඩුවේ තිරානාගම සිසුවකු (18) හා කතරගම සිසුවකු (17)  තුවාල ලබා සිටින බවත්, එක් සිසුවකුගේ හිසට රීප්ප පටියකින් පහර දී ඇති බවත්, අනෙක් සිසුවාගේ දණහිසට හා පිටට තුවාල සිදුවී ඇති බවත් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයම්පති සේනානායක මහතා කියයි.

ශිෂ්‍ය නේවාසිකාගාරයේ ප්‍රශ්නයක් මේ ගැටුමට හේතු වී ඇත.

විදුහල්පති ගමිණී ජයවර්ධන මහතා පැවසුවේ සුළු සිද්ධියක් ඇතිවී එය සමතයකට පත් වූ බවයි.