මහින්ද ගමේ දී උපන් දිනය සමරයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනපති 70 වැනි ජන්ම දිනය තංගල්ලේ දී  සැමරිණි. 

තංගල්ල කාල්ටන් මිතුරු සමාජයේ මෙහෙයවීමෙන් සර්ව ආගමික වතාවත් සහ උපන්දින කේක් කැපීම කාල්ටන් නිවස ඉදිරිපිට දී චාම් උත්සවයක් ලෙසින් පැවැත්විණි.

තංගල්ල රෝහලට ගිය රාජපක්ෂ මහතා ළමා වාට්ටුවේ දරුවන්ට සහ අලුත උපන් දරුවන්ටත් තෑගි පිරිනැමිණි.

තංගල්ල වජිරගිරි විහාරාධිපති මිරිස්සේ ධම්ම්වංශ , ඕමාරේ කස්සප යන හිමිවරු අනුශාසනා පැවැත්වූහ.

උපන්දින කේක් කැපීමෙන් පසු කිරිබත් , කැවුම් දන්සල ද විවෘත විය.

හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මහත්වරු ද සහභාගී වූහ.  

මේ අතර බදාදා (17) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වෙන් මහින්ද රාජපක්ෂ ජන්ම දින පිංකමට සියලු දෙනාටම එක්වන ලෙස ආරාධනා කරන බව අද ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

 DSC02027

DSC01992[1] DSC02004[1] DSC02015[1] DSC02019[1] DSC02023[1] DSC02035[1] DSC02039[1]

 

විඩියෝ ශාන්ත රත්නායක