කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් විජයග්‍රහණයට අදට වසර 6ක් සපිරෙයි.
ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ භාරයේ පැවැති වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් බිම් කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාද්වීපයම එකම ධජයක් යටතට පත් කෙරුණේ 2009 වසරේ මැයි මස 18 වැනිදා වූ සඳුදා දිනකදීය.
යුද ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන රාජ්‍ය සැමරුම් උළෙල හෙට මාතරදී පැවැත්වීමට නියමිතය.
මාතෘ භූමි සංවිධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී අද සවස හට පැවැත්වීමට නියමිතය.
මේ සඳහා දේශපාලනඥයන් කලාකරුවන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
අඟහරුවාදා ජනපති හා හිටපු ජනපතිද මාතර දිස්ත්‍රික්කයේ සංචාරය කරති.
ජනපති යුද සැමරුම් නිල උත්සවයට මාතරට යයි. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ රෝහණ සංඝ සභාවේ අනුනායක ධූරයෙන් පිදුම්ලත් ඕමාරේ කස්සප හිමියන් හමුවීමට කඹූරුපිටියට යන රාජපක්ෂ මහතා දෙයියන්දර රැස්වීමකටද සහභාගි වීමට නියමිතය.

