උඩරට ගීවිසුමට වසර 200ක් පිරිම හා දේශයේ නිවහල් භාවය වෙනුවෙන් දිවි දුන් වීරවරයින්ට පිං අනුමෝදන් කිරීම වෙනුවෙන් කතරගම කිරිවෙහෙර අභියස දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍ර‍්‍රධානත්වයෙන් පිංකමක් අද (15) සන්ද්‍යාවේදී පැවැත්විණි.
මවිබිම කොටි ත‍්‍රස්තවාදින්ගෙන් මුදා වසර 06 ක් ගත්විමද යුද්ධයේ දි මිය ගිය රණවිරුවන් සිහි කිරිමද මෙම වැඩ සටහනේ තවත් අරමුණකි.
හේවසි පුජාවකින් පසු අනතුරුව අෂ්ඨ ඵළ බෝධිරාජයා ඉදිරිපිට බෝධි පුජාවක් පැවැත්විණි. මිය ගිය රණ විරුවන්ට පිං අනුමෝදන් කිරිමෙන් පසු කිරිවෙහෙර අභියස දී ජාතික වීර ප‍්‍රතිඥාව ඉදිරිපත් කර මහා සංඝ රත්නය සෙත් පිරිත් දේශනා කළහ.
එල්ලාවල මේධානන්ද හිමි, කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්දහිමි, පදලංගල ධම්මදේව හිමි, ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමියන් හා කතරගම කපුගම සරණතිස්ස හිමියෝද ඌව පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, බන්ධුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන , කුමාර වෙල්ගම. උයදගම්මන්පිල ඇතු`ඵ පිරිසක් මෙම අවස්ථාවට එක්වි සිටියහ.






