මහින්ද කාලේ රටේ ආර්ථිකය ගැන රනිල් වාර්තාවක් ඉල්ලයි


(නිමල කොඩිතුවක්කු)
 
මහින්ද  රාජපක්ෂ මහතා අගමැති සහ මුදල් ඇමැති වශයෙන් කටයුතු කරන කාලයේ දී රටේ ආර්ථිකයට වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ ආර්ථිකයට  සම්බන්ධ සියලූම අංශ වලට උපදෙස් ලබා දී තිබේ.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු රටේ ආර්ථිකයට සම්බන්ධ සියලූම ආමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වලින් අලූතින්  සකස් කළ වාර්තා ජනවාරි මස දෙවැනි දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාරදීමට නියමිතය.


මෙම වාර්තාව බාර දුන් පසු  රටේ ආර්ථිකයට අදාළව ගත යුතු සියලූ ක‍්‍රියාමාර්ග පිළිබඳව  අග‍්‍රාමාතයවරයා විසින් තීරණ ගැනීමට නියමිතය.