“රටේ සම්පුර්ණ ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 847500 ගෙවන්න වේලා තියෙනවා. එයින් අපේ රාජ්‍ය ව්‍යවසාය ආයතන මාගේ අමාතංශයේ පමණක් ඇති ආයතන වල රුපියල් බිලියන 1142 ණය ගෙවන්න තියෙනවා. ගිය වසරේ ආණ්ඩුව රුපියල් බිලියන 100 ක් ගෙව්වා. ජනතාවට සහන දෙන ගමන් පහුගිය ණය අපිට ගෙවන්න වෙලා තියෙනවා.” අමාත්‍ය කබිර් හෂිම් මහතා පැවසීය.
“මාගේ අමාත්‍යංශය යටතේ තියෙන ශ‍්‍රී ලංකා ගුවන් සේවය. ගත්තාහම පාඩුව ඩොලර් බිලියන 933 යි. එය පාලනය කලේ හිටපු ජනාධිපතිගේ මස්සිනා කෙනෙක්. හරියට බස් එකක් දුවනවා වාගේ තමයි ශ‍්‍රී ලංකා ගුවන් සේවය දිව්වේ. 2008 කිසිම ණයක් නැතිව තිබුණු ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම 2015 වෙනකොට ඩොලර් බිලියන 933 ක ණයක් එක්ක බැරකම් වත්කම් වලට වඩා වැඩි කරලා. නැති කරලාම දැම්මා.” යැයි ද ඔවු පැවසීය.


