
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්ලැරන්ස් චිත්‍රපටය නැරැඹීමට ගොස් සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබේ.
"ශ්‍රී ලාංකික පොප් සංගීතයේ පියා ලෙස නම් කර ඇති ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීත දිවිය පදනම් කර ගනිමින් තුසිත විජයසේන මහතා විසින් නිෂ්පාදනය කරන ලද සහ සුරේෂ් මාළියද්ද මහතා විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලද “ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටය මම ද බිරිඳ ශිරන්ති ද ඉතා කැමැත්තෙන් නැරඹුවෙමු.
ක්ලැරන්ස් යනු මා සමකාලීනයෙකි. අපි තරුණ වියේදී වෙනස්ම අනන්‍යතාවයකින් යුතු ක්ලැරන්ගේ ගීත අතිශය ප්‍රිය කළෙමු. ගීතය එක වරක් ඇසූ පමණින් එහි සංගීත වාදනය ක්ලැරන්ස්ගේ බව කීමට හැකි අනන්‍යතාවයක් එහි අන්තර්ගත වී තිබුණි. සංකීර්ණ සියුම් හැඟීම් ප්‍රකාශනය ඉතා සරළය.
විදුළි ගිටාරය මූලික කර ගනු ලැබූ සංගීත නිර්මාණයත්, බෙහෙවින් සරළ බස්වහරත් එකල තරුණ තරුණියන් විසින් ආදරයෙන් වැළඳ ගන්නා ලදී. පසු කාලීන පරම්පරාවන් ද එම ශෛලියට ඇළුම් කිරීම ක්ලැරන්ස්ගේ විශේෂත්වයයි. ක්ලැරන්ස් යනු සැමදා ජීවත්වන මිනිසුන් සිටිනා බවට තවත් එක් උදාහරණයක් යැයි මට සිතේ. අපේ පරම්පරාව නියෝජනය කරන ක්ලැරන්ස් බොහෝ පරම්පරා විසින් අයිති කර ගෙන සිටීම එයට හේතුවයි" යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.


