“කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට එවු ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඕනෑ.වාද විවාද වලට සහභාගී වෙන්න ඕනෑ.ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ.එසේ නොකරන්නේ නම් ඔවුන්ට දෙන වැටුප් දීමනා වාහන බලපත්‍ර ගමන් දීමනා ගැනීම වැරදියි.ඒවා ඔහුට හිමි නැහැ.“විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පෙතිගමුවේ පැවති රැස්වීමකදී මේ බව කීය.
“අයවැය විවාදයට ඔහු ආවේත් නැහැ.එහෙව් කෙනෙකුට මන්ත්‍රී දීමනා වැටුප් ආදිය ගැනීමේ අයිතියක් නැහැ.එවැනි මන්ත්‍රීන් කළ යුත්තේ ඉල්ලා අස්වී ඊළඟට ඉන්න කෙනාට පාර්ලිමේන්තුවට යාමට ඉඩ දීමයි“යැයි ඔහු පැවසීය.