මහින්ද කහඳගම අත් අඩංගුවට


මුදල් වංචා චෝදනා සම්බන්ධයෙන් සැකපිට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම කොළඹ වංචා විමර්ශන අංශයෙන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඔහු පසුගිය රජය කාලයේ සහන මිලට ස්වයං රැකියා සඳහා ත්‍රී රෝද රථ සහ කුඩා ලොරි ලීසිං ක්‍රමයට ලබාදීමට මුල්විය.