මහින්ද අලි ප්‍රශ්නයකට මැදිවේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ලෙස තමන් උභතෝකෝටික ප‍්‍රශ්නයකට මුහුණ දී සිටින බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදීයගම දී පෙරදින (4) පැවැති ජනතා හමුවකදී පැවසුවේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වන්නැයි ඇතැම් අය යෝජනා කරද්දී තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම රැඳී සිටින ලෙස තවත් පිරිසක් ඉල්ලා සිටීම එයට  හේතුව ලෙස ප්‍රකාශ කළේය.

අද වන විට තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් පොදු සතුරා වී සිටින අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ අත හැර තනිව මැතිවරණයකට මුහුණ දුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වන බව රාජපක්ෂ මහතා පැවසිය.

DSC01660[1] DSC01664[2] DSC01667[1]