මහින්ද අමරවීරටත් නොතීසී


පුත්තලම දිස්ත්‍රකික්යේ  මසුන් ඇල්ලීමට   නීති විරෝධී  ආම්පන්න භාවිතය  තහනම් කරන්නැයි    ඉල්ලා කන්දකුලියේ  ධීවරයින් අට දෙනෙකු ගොනු කළ  රිට් පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන් වන ධීවර ඇමති මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසට ලබන ජනවාරි 17 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළේය.

 අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු එස් තුරෙයිරාජා යන මහත්වරුන් හමුවේ  පෙත්සම කැඳැවිණි.

 මසුන් ඇල්ලීම සඳහා හැඹිලි ,ලයිලා සහ සුරුක්කු දැල් භාවිතා කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් ධීවරයන් පිරිස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ ඉඳිකැලේ ධීවර සමූපකාර සමිතයේ සුනිල් දිමුත් ප්‍රනාන්දු ,ප්‍රභාෂ් මිතුන් ප්‍රනාන්දු, සුමිත් වසන්ත, ඉග්නීෂීයස් ලෝයල් ප්‍රනාන්දු ,ෂෙරින්ක ෂම්මි ඇතුළු ධීවරයින් අට දෙනෙකි.