මහින්ද අමරවීර නිල වාහන අමාත්‍යාංශයට බාරදෙයි


(නාලක සංජීව දහනායක)

කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ රාජකාරී කටයුතු කළ මහින්ද අමරවීර මහතා නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටත් පෙර අද (18) සිය රාජකාරී වාහන කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත බාරදෙනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිත වීරකෝන් මහතා විසින් අමාත්‍යවරයාගේ නිල වාහනවල යතුරු බාරගත් අතර මෙතෙක් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය විසින් රාජකාරී කටයුතු සඳහා යොදාගත් සියලුම වාහන වහාම අමාත්‍යාංශය වෙත බාරදෙන ලෙසද මහින්ද අමරවීර මහතා විසින් නියෝග කරනු ලැබීය.

අමාත්‍යාංශ වලට අලුතින් පත්වන අමාත්‍යවරුන්ට සහ කාර්යය මණ්ඩලවලට කටයුතු පහසු කිරීම සඳහා තමන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.