මහින්ද අප්පච්චීගෙන් විජිතමුණිට සුබපැතුම්


නව වසර උදාවන අවස්ථාවේ හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ කතරගම දේවාලයේය.

දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා ඇතුළු යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ද දේවාලයට ගොස් සිටියහ.

මහා ජනකාය අතරේ විජයමුණි මහතා දුටු හිටපු ජනපතිවරයා ඔහුගේ හිසට අත තියා නව වසරට සුබ පැතීය.

පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වූ විජයමුණි මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසු ඔහුගේ පිලට පැමිණියේය. ‘අප්පච්චි මළා‘ යැයි ඔහු කී ප්‍රකාශයක් ඒ දිනවල ආන්දෝලනයකට තුඩු දුන්නේය.

DSC_0092