මහින්ද අධිකරණයෙන් සාධාරණ තීන්දු ඉල්ලයි


රටේ නායකයින්ටත් අධිකරණයටත් මම කියනවා සාධාරණ අධිකරණමය තීන්දු දෙන ලෙසත් නොමිලේ ලැබුණු පෝර්ට් සිටි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙසත් රට බේරාගත් රණවිරුවන් හිරේ නොදමන ලෙසත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) හයිඩ් පිටියේ රැලිය අමතමින් පැවසීය.

‘අපි පොහොර සහනාධාර කැපුවේ නෑ. ඒ සහන සියල්ල ලබාදුන්නා. පාසල් නිල ඇඳුමට අත තිබ්බේ නෑ. අපිට ආහාර අර්බුදයක් ආවා. අපි වී වලින් හාල් වලින් මේ රට ස්වයංපෝෂිත කළා. දෙමළ ජනතාවගේ අයිතිය අපි ආරක්ෂා කළා.

එක අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලයන 6361ක්. කොහොමද රෙකෝඩ් එක. හදපු බෝක්කුව කොහෙද තියෙන්නේ. මේ අයට බැරි බවයි. කියන්නේ. බැරි බව වහගන්න කියනවා මම තව ණය අරන් තිබුණාලු. ඒවා හංගලාලු තියෙන්නේ. මම අරගත්තු ණය හොරෙන් ගත්තා නම් ඔප්පු නැත්නම් ගෙවන්නැතිව ඉන්නකෝ. ඇමැතිවරුන්ට චෝදනා කරනවා. මෙයාලා හිතනවා මට චෝදනා කරලා මගේ දරුවෝ හිරේ දැම්මම. මම යෝෂිතට කිව්වා මම මාස තුනක් හිටියා උඹ මොකද දවස් 44ක් හිටියට. නාමල් මාස 6ක් හිටියත් කමක් නෑ. හැබැයි ඒක නිසා මම දේශපාලනයෙන් ඉවත් කරන්න හිතනවා නම් ඒක මිරිඟුවක් විතරයි.

මට දුක අපිව හිරේ යවන එක නෙමෙයි. මේ රට ඔබට නිදහසට ලබාදුන්න රණවිරුවා සටනේ හිටපු රණවිරුවෝ අද හිර කූඩවල දාගෙන වැලිකඩ දාලා හිරකරලා මේ අයට තමන්ගේ දරුවා බලන්න යන්න දෙන්න බැරිනම් මගේ දරුවා හිරේ ගියාට මට ප්‍රශ්නයක් නෑ. මේක මහ අපරාධයක්. ආණ්ඩුවකට ඕන විදියකට එක එක නීති හදලා මිනිසුන් හිර ගෙවල්වල දාලා අහිංසක මිනිසුන්ට දුක් දෙන්න එපා කියලා මම නායකයින්ටත් කියනවා. අධිකරණයටත් කියනවා. අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අධිකරණමය තීන්දු.

අපි වගේ තරුණයෝ වයස 70 අය අපට රැකියා ලබාදියව් කියලා බෝඩ් උස්සගෙන යනවා මම දැක්කා. මමත් පළිගන්න ලෑස්තිවුණා නම් මට පුළුවන්ද මේ රට මේ තත්ත්වයට ගොඩනගන්න. මම අල්මාරි ඇරියා නම් ඒවයේ තිබුණු ඇටසැකිලිත් වැටෙන්න තිබුණා. ඔබට බැරි නම් මට දෙන්න. මම කරලා පෙන්වන්නම්. පොහොර ටික දෙන්නම් 350ට. අපේ රාජ්‍ය දේපළ විනාශ කරන්න එපා. කළුවරේ පැයක් නෙමෙයි විනාඩි 10ක් තියන්නේ නෑ. නිකන් ලැබුණු පෝට් සිටිය නවත්තලා. මේ රටේ තරුණයන්ට රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂයක් දුන්නා උපාධිධාරීන්ට පමණක්.  පුළුවන්කම තියෙද්දී මේ රජය දෙන්නේ නෑ.

විශ්‍රාම වැටුප අපි හිටියානම් ආපහු දෙනවා. ආපු ගමන් දෙනවා. අපි අත්වැල් බැඳගෙන මේ වැඩපිළිවෙළ ජනතාව කවදා කොතැනද ඉන්නේ ඒ හැම තැනකම ජනතාව එක්ක මම ඉන්නවා‘

මේ වසර අවසාන වනවිට පාර්ලිමේන්තුව වටකර රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය පන්නා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

 


මහින්ද හයිඩ් වේදිකාවට  නගී

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලිය මීට ටික වේලාවකට පෙර කොළඹ ඉබ්බංවල පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) දී ඇරැඹිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, සී බී රත්නායක, ජී ඇල් පීරිස්, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ , රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් එම රැලියට ගියහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහ ලේකම් ලිඛිතව දන්වා තිබිණි.

හිටපු  ජනපති මහින්ද රාජපක්ෂ මහතා එ්කාබද්ධ විපක්ෂයේ  ජන රැලිය ආරම්භ කර පැය එකහමාරකට පසු පැමිණියේය.

RDS_4106 RDS_4134 RDS_4168 RDS_4199

23cb50f08adbc4be6cce6d428f32c324a9e8c72716f3b6b523075c062af08826 caac5ea68126daecf4ff3873b396fc839270b36946661034f0e507e7f518f99d d7dedd352421a856a5fa1e835b637ffb51c9ddc4256411e046bd1131b8e70435

 

hide_2016317-1 hide_2016317-2