හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බරපතල දූෂණ හා වංචා විමර්ශනය පිළිබඳ ජනපති කොමිසමට අද පැමිණියේය.
පසුගිය ජනපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ පළ කළ දැන්වීම්වලට රුපියල් 10,773,058 ක මුදලක් ගෙවීමට ඇතැයි කියන සිද්ධියකට ප්‍රකාශයක් ලබාදීමට ඔවුහු එහි ආහ.
ස්වාධීන රූපවාහිනියේ ගණකාධිකාරිගේ සාක්කියේ පිටපත් රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන මහතාට ලබාදීම සඳහා පරීක්ෂණය අතරමග නතර කිරීමටද සිදුවිය.




