මහින්ද, ගෝඨා, මෛත්‍රි ඡන්දෙ දෙන්න ඇවිත් නෑ


 

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට ඊයේ (6) නොපැමිණීම විශේෂත්වයකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බව ඒ මහතාගේ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

ඔහුගේ දණහිස පසුගියදා ශල්‍යකර්මයකටද ලක්කෙරිණ.

ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් වෙනත් පෞද්ගලික හේතු මත ඡන්ද ප්‍රකාශ කිරීමට ඊයේ පැමිණියේ නැත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඡන්දය ප්‍රකාශ කළහ.