කටාර්හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම් කරුණාදාස මහතා මේ මස අගදී යළි කැඳවීමට තීරණය කර ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් කටාර්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පත්ව ඇති අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් කරුණු හෙලිවීමෙන් අනතුරුව ඔහු නැවත ගෙන්වීමට තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මහාචාර්ය ඩබ්. එම් කරුණාදාස ඉකුත් දෙසැම්බරයේ දී තානාපති විය. හෙතෙම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි.