මහායාන බුදුරුවක් නිරූපිත භාරත සම්භවයක් ඇති කැටයමක් අනුරාධපුරයෙන් හමුවේ.
අනුරාධපුර අශෝකාරාම පුරාවිද්‍යා භූමියෙන් ඕවලාකාර මැටි ඵලකයක ඉතා සියුම්ව නෙළා ඇති බුදු පිළිමයක් සොයාගත් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් බණ්ඩාර දිසානායක මහතා කියයි.
ප්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා හට මෙම බුදු පිළිමය හමුවී ඇති අතර එතුමා එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත සුරක්ෂිතව භාරදී ඇත.
භූමි ස්පර්ශ මුද්‍රාවෙන් පද්මාසන ඉරියව්වෙන් පද්ම පීඨයක් මත වැඩ සිටින බුදුරුවක් උන්නතව නිර්මාණය කර ඇති බවත් බුදු පිළිමයේ සිරස මත රැස් වළල්ලක් සහ බුදුරුව වටා තවත් කුඩා කැටයම් කිහිපයක් ඉතා සියුම්ව නිර්මාණය කර ඇති බවත් දිසානායක මහතා කියයි.
උස සෙන්ටිමීටර 5 ක්ද පළල සෙන්ටිමීටර 4.4 ක්ද සහ ඝනකම සෙන්ටිමීටර 2.1 ක්ද වන මෙම බුදුපිළිමයේ කාලය පිළිබඳ නිර්ණය කළ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මෙම කැටයම ක්‍රිස්තු වර්ෂ 6-7 පමණ සියවස් වලට අයත් බව කියයි.
මෙම බුදු පිළිමය මහායාන සම්ප්‍රදායට අයත් අතර ඉන්දියාවේ අමරාවතී කලා ශෛලියට අයත්ය.
එය පූජා භාණ්ඩයක් වශයෙන් සැදැහැවතුන් විසින් ලංකාවට රැගෙන එන්නට ඇතැයිද නැත්නම් මහායාන ආගමික පිළිවෙතක් සඳහා භාවිත කරන්නට ඇතැයිද එය අනුරාධපුර පුරාවිද්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇතැයිද දිසානායක මහතා කීය.


