මහාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරති


මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කළ දිසා විනිසුරුවරුන් දෙදෙනකු සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු අද (26) අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ඉදිරියේ සිය ධූරවල දිවුරුම් දුන්හ.

මෙසේ දිවුරුම් දුන්නේ කොළඹ දිසා විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා, කුරුණෑගල දිසා විනිසුරු ඒ.කේ.එම්.පටබැඳි සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ය.